1.අරුම පුදුම යා කිරීම
පහත රූපය ඔබේ මිතුරාට පෙන්වා , පැන්සල ඉවතට නොගෙන ඉරි හයකින් තිත් සියල්ල කපා පෙන්වන්න කියන්න .හැබැයි එක ඉර උඩ දෙවරක් යන්නත් බෑ ........කොලය නවා ඉරි අදින්නත් බෑ ........
2.කොටු නවයේ ඉහළට, පහළට,හරහට,කතිර හැඩයට අංක 15 ම පිළිතුර ලැබීමේ ගණිත විජ්ජාව
පහත රූපයේ කොටු වලට , ඕනෑම පැත්තකට එකතුව 15 වන ලෙස 1 සිට 9 දක්වා ඉලක්කම් යොදන්න යයි පවසන්න.හැබැයි, එක් වරක් ලියූ ඉලක්කම නැවත ලියන්න බෑ.
3.ත්‍රිකෝණයේ තුන් පැත්තෙම එකතුව 20 ලැබීමේ අපූරු විජ්ජාව.
පහත රූපයේ තුන් පැත්තෙම වෙන වෙනම එකතුව 20 වන ලෙස 1 සිට 9 දක්වා ඉලක්කම් යොදන්න යයි පවසන්න.හැබැයි, එක් වරක් ලියූ ඉලක්කම නැවත ලියන්න බෑ.
4.කොටු 16 යේ හරහට පහලට ඉහලට කතිර හැඩයට පිළිතුර 34 ලැබීමේ අපූරු ගණිත විජ්ජාව
මෙයට කොන්දේසි හා නියමයන් තියෙනවා .....
1.භාවිතා කරන්න ඕනි 1 සිට 16 තෙක් ඉලක්කම් පමණි.
2.එක ඉලක්කමක් ලිවිය හැක්කේ එක වරක් පමණි.
3.ඕනෑම කොටුවකට කැමති ඉලක්කමක් දැමිය හැකියි.
4.හරහට පහලට ඉහලට කතිර හැඩයට එකතු කල විට පිළිතුර 34 විය යුතුයි.