Monday, January 4, 2016

ඉලක්කම් වල ඉතිහාසය

ඉලක්කම් වල ඉතිහාසය 


ගණිතයේ ඇති ඉලක්කම් බිහිවූයේ ජ්‍යාමිතික හැඩතල ආශ්‍රයෙනි.ඒ අනුව ඉලක්කම් සංකේත දහය පහත පරිදි සැකසුණි.


 ඉලක්කම් සංකේත

මෙහි පළමු ඉලක්කමේ කෝණ එකකි.දෙකේ ඉලක්කමේ කෝණ දෙකකි.තුනේ ඉලක්කමේ කෝණ තුනකි.හතරේ  ඉලක්කමේ කෝණ හතරකි.ඒ ආකාරයට අංක නවයම සැකසුණු අතර නැති බව එනම් ශුන්‍ය බව දැක්වීමට 0 සොයා ගන්නා ලදී.එහි කෝණ කිසිවක් නැත.ඒ අනුව මෙම ඉලක්කම් 10 මඟින් ඕනෑම සංඛ්‍යාවක් ලිවීමේ හැකියාව ලැබිණි.ගණිතය බිහිවූ හැටි විස්තර ඔබ විසින් සොයන්න.ගණිතයට දක්ෂයෙකු වීමට නම් සිතෙන් එකතු කරන්න,අඩු කරන්න,බෙදන්න,වැඩි කරන්න ඉගෙන ගන්න.එවිට ඔබ දක්ෂයන් අතර විශිෂ්ටයකු වනු නොඅනුමානයි.ඔබ තුල තාර්කික හැකියාව ඇතිවීම හා ගැටළු විසදීම තුලින් ඉදිරි දිවිය සාර්ථක කරගන්න.ඔබටත් මෙවන් ගණිත විජ්ජා සැකසීමට හැකියාව ලැබේ යැයි ප්‍රාර්ථනා කරමි.


බී.ආර්.අල්විස් මහතා.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා සම්මාන 
ගුරු පුහුණු 
ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘ 

මෙතුමාගේ ''ගණිත විනෝදය'' පොත ඇසුරෙන් උපුටාගත් කරුණු මෙම වෙබ් අඩවියේ ඇතුලත්ය.එහි ‌අඩංගු කරුණු මෙම Blog අඩවියේ ඇතුලත් කිරීමට මා හට අවසර දීම පිළිබදව එතුමාට මාගේ හදපිරි ස්තුතිය පුද කරමි. මෙහි අඩංගු දෙයින් යම් හෝ දැනුමක් ලබා ගන්නා ඔබ සැමගේ ගෞරවය එතුමාට දිය යුතුයි. එතුමාට ස්තුතියි.......

0 comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය පිළිබඳ ඔබගේ අදහස් උදහස් අපට යොමු කරන්න.....