Sunday, January 3, 2016

ගණිතමය මැජික්

ගණිතමය මැජික් – වයස

  1. 1 ත් 100 ත් අතර අංකයක් සිතා ගන්න.
  2. දැන් ඔබේ වයස 2න් වැඩි කරන්න. ඉන්පසු එයට 5ක් එකතු කරන්න. ලැබෙන පිලිතුර 50න් වැඩි කරන්න. ඉන්පසු එයින් 365ක් අඩු කරන්න.
  3. ඉන්පසු එයට ඔබ කලින් සිතා ගත් අංකය එකතු කරන්න. නැවත එයට 115 එකතු කරන්න.
  4. ලැබෙන පිලිතුර කුමක්ද?
  5. ඔබට ලැබුණු පිලිතුරේ පලමු අංක දෙකෙන් ඔබේ වයසත්, අන්තිම අංක දෙකෙන් ඔබ සිතාගත් අංකයත් ලැබේ දැයි බලන්න.
       ඇත්තෙන්ම මෙය මැජික් එකක් නොවේ. සරල ගණිත උපක්‍රමයකි.

කෙනෙකුගේ වයස හා උපන් මාසය කියන විජ්ජාව 

           1.වෙනත් කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ උපන් මාසය ඉලක්කමෙන් කොලයක                    ලියන්න කියන්න 
                      උදා ; 9 වන මාසය 
           2.එය 2 න් ගුණකර 5ක් එකතු කරන්න කියන්න 
                   9 x 2 = 18 ,    18+5=23
           3.ලැබුණ පිළිතුර 50න් ගුණකර ඒ ලැබෙන ඉලක්කමෙන් 365ක් අඩු කරන්න කියන්න 
                    23 x 50 = 1150,               1150- 365 = 785
           4.දැන් ලැබුන පිළිතුරට වයස එකතු කරන්න කියන්න 
                    785 + 8 (වයස අවුරුදු 8 යයි සිතමු)=793
           5.දැන් ඔබ ඒ ලැබුන පිළිතුර අසා දැනගෙන ඔබ විසින් එම පිළිතුරට 115ක් එකතු කරන්න 
                   793+115=908

              දැන් බලන්න , වයස ,අග ඉලක්කම වන අතර මුලින් ඇති ඉලක්කම මාසය වේ.   







2 comments:

මෙම බ්ලොග් අඩවිය පිළිබඳ ඔබගේ අදහස් උදහස් අපට යොමු කරන්න.....